LED (ආලෝක-විමෝචක දියෝඩ)
ආලෝක විමෝචක දියෝඩයක් (LED) යනු අර්ධ සන්නායක
භාවිතයෙන් සෑදුනු ආලෝක ප්‍රභවයකි. විවිධ ආකාරයේ උපකරණ වල දර්ශක ලෙස මේවා
භාවිතා කරනු ලබන අතර ආලෝකකරණය සඳහා යොදාගැනීමද වැඩිවෙමින් පවතී. වර්ෂ
1962දී මුලින්ම LED බල්බ නිපදවන ලද්දේ ඉලෙක්ට්‍රොනික උපකරණයක් ලෙස
රතු පැහැති අඩු ආලෝකයක් විහිදවීමට වුවද, නූතන ඒවා හට, වැඩි ආලෝකයක් සමග,
දෘෂ්‍ය ආලෝක පමණක් නොව අධෝරක්ත කිරණ හා පාරජම්බුල කිරණ පවා නිකුත් කල හැක.
LED එකක් පෙර නැඹුරුම් අවස්ථාවේ ඇති විට එහි ඇති ඉලෙක්ට්‍රෝන,
අර්ධ සන්නායකයේ ඇති ඉලෙක්ට්‍රෝන සිදුරු සමග සහ-සම්බන්ධවීම නිසා පෝටෝන ලෙස
ශක්තිය පිටවීම සිදුවේ. මෙම ආචරණය විද්යුත් සන්දීප්තිය ලෙස හැඳින්වෙන අතර
මෙහිදී පිටවන ආලෝකයේ වර්ණය (මෙය පෝටෝනවල ශක්ති මට්ටම් වලට අනුරූපය ) අදාල
අර්ධ සන්නායකයේ ශක්ති පරතරය මත තීරණය වේ. එල්.ඊ.ඩී. එකක සැබෑ දියෝඩය කුඩා
නිසා, (1mm කට අඩු ) එහි ඇති සංගෘහිත ප්‍රකාශ උපාංග මගින් එහි හැඩය සහ
රැස් විහිදීම පාලනය කරනු ලැබිය හැක. තාපදීප්ත විදුලි බුබුලු සමග බලනකල අඩු
ශක්ති පරිභෝජනය, වැඩි ආයු කාලය, වැඩි දරාගැනීමේ හැකියාව, ප්‍රමාණයෙන් කුඩා
වීම, ඉක්මන් ප්‍රතිචාරය සහ වැඩි කල් පැවැත්ම යන අතින් එල්.ඊ.ඩී.බල්බ
වාසිදායක වේ.
(උපුටා ගැනීම විකිපීඩියා වෙතිනි)
No comments:
Post a Comment