මෙය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි.. එනම්.,
මෙහි CU මගින් ප්‍රධාන වශයෙන් සිදුවන්නේ පරිගණකයේ පාලන කටයුතු වන අතර ALU මගින් සියලු තාර්කික කටයුතු සිදු කරයි.. මෙය එක් වරකට එක් වැඩක් පමණක් කරන අතර එය සිදු කිරීමට ගන්නා කාලය මිලි තප්පර වලටත් වඩා අඩු බැවින් එය අපට නොදැනේ.. ඉතින් අපට හිතෙන්නේ අපි සිංදුවක් අහමින් තව සින්දුවක් ඩවුන්ලෝර්ඩ් වෙන්න දාලා ගේම් එකක් ගහනවා කියන්නේ ඒ ඔක්කෝම එක පාර වෙනවා කියලානේ.. ඒත් එහෙම නෑ.. මෙයා ඒ හැම එකක්ම පාලනයකින් යුක්තව තමයි සිදු කරන්නේ..
මම පරිගණක අතීතය ගැන කථා කලානේ.. අද අපි දන්න CPU වර්ග මොනාද.? Intel තමයි දන්න ප්‍රධානම සමාගම නේද.? හරි Intel කියන්නේ ඉස්සර ඉදන් Processor හදපු හොඳ සමාගමක්.. මෙයාට තරග කරන්න දැනට ඉන්න ප්‍රධාන තරගකාරයා තමයි, AMD සමාගම.. දැන් ඔයාලා හිතයි මේක Grapic Card නිශ්පාදනය කරන සමාගමක් කියලා.. ඔවු මෙයාලා පරිගණක Processor හදනවා.. තව තිබ්බ ප්‍රධාන ආයතනයක් තමයි Motorola කියන්නේ.. දැන් නම් මේක නෑ.. තව අපේ පරිගණක වලට අත ගහපු IBM සමාගමත් Processor හැදුව.. අපි පාවිච්චි කරන ගොඩක් ජංගම දුරකථන වල Processor හදන්නේ Qualcomm සමාගමෙන්..
දැන් හදන අය දන්නවානේ.. ඉස්සර Pentium i, ii, iii, iv කිය කියා තිබ්බා මතකද.. ඒ කාලේ එක CPU එකක එක Core එකයි තිබ්බේ.. ඒ කියන්නේ පේන විදියට එක ප්‍රොසෙසර් එකයි..
හරි ඊට පස්සේ ආවා Pentium D කියලා කෙනෙක්.. අන්න එයා ඇතුගේ Logical (තාර්කික) Processor දෙකක් තියනවා.. එතකොට එක්කෙනෙක් කරපු වැඩක් කරන්න දෙන්නෙක් ඉන්නවා.. පරිගණකයේ වේගය මොකද වෙන්නේ.. නිකම්ම වැඩි වෙනවා.. Dual core, core 2 duo, quad core, කියලා ඇතුලෙ තියන කෝර් ගාන වෙනස් කලා.. අද වෙනකොට(2016) 32 core cpu දක්වා දියුණු වෙලා තියනවා..
ප්‍රධාන වශයෙන් Processor වර්ග දෙකයි.
- Land Grid Array (LGA)
හරි මම මෙහෙම කියන්නම්.. මෙ ක්‍රමයේ දී Processor එකේ කියෙන්නේ පොඩි පොඩි ගැටිති වගේ ඒවා.. ඒවා හරියටම සම්බන්ද වෙන්නේ Processor Slot එකේ තියන පින් වලට.. මේ ක්‍රමයේදී Pin තියෙන්නේ Mother Board එකේ.. එහෙම මතක තියාගන්න..
2. Pin Grid Array (PGA)
මේ ක්‍රමයේදී Pin තියෙන්නේ Processor එකේ.. මේක තමයි ඉස්සර තිබ්බ විදිය.. දැන් හිතන්න එපා මේ ක්‍රමය නෑ කියලා.. ගොඩාක් LapTop පරිගණක වල තියෙන්නේ මේ ක්‍රමය.. මොකද ලොකු ගැස්සුමකට උනත් ඔරොත්තු දෙනවානේ..
මම දැන් හදන්නේ වෙනත් පැත්තකට හැරෙන්න.. ඒ තමයි දැන් හැමොටම ඇහෙන්න ලැබෙන්නේ i7 4th Generation, i7 5th, i7 6th, i7 7th Genaraton එකට එනකල් දැන් ඇවිත්.. මේ මොන විදියට ආවත් මේවාගේ සමහර Processor හොද හැටි අවුල් Quad core Processor සමහර i පවුලේ අයට වඩා හොඳයි කියලා Gammers ලා කියනවා.. මේ Genaraton වල තමන්ටම කියලා Processor Slot තියනවා.. ඒවා මම සේරම කියන්න යන්නේ නෑ.. මොකද මමත් ඒ සේරම පාඩමේ තියාගන්නේ නෑනේ.. ඕනේ උනොත් Google අයියාගේන් අහනවා.. හැමදේම අහන්න ඉන්නේ එයානේ..
No comments:
Post a Comment