Thursday, December 29, 2016

HDD හාර්ඩ් ඩිස්ක් ඩ්‍රයිව්

හාර්ඩ් ඩිස්ක් ඩ්‍රයිව් එක ගැනත් පොඩ්ඩක් කථා කරමු.

සහහර අය දැකලා ඇති.. සමහර අය දැකලා නැතුව ඇති.. මේක තමයි හාර්ඩ් එක.. පරිගණකයේ දත්ත ගබඩාව කියන්නේ.. ඉතින් මේකෙ ඇතුල බලලාම ඉමුකෝ..





මේ තියෙන්නේ අභ්‍යන්තර පෙනුම.. hdd නිශ්පාදන සමාගම් අනුව., ඒ වගේම ‍‍මේකේ Capacity එක අනුව මේකේ ප්‍රමාණය., බර කියන දේ වෙනස් වෙනවා. ඒ වගේම Lap Top පරිගණක වලට එනකොට මේ HDD එක මෙ ප්‍රමාණයට වඩා කුඩා වෙනවා..

දැන් බලමු මෙකේ ක්‍රියාකාරිත්වය පැත්ත‍‍..
ඉස්සල්ලාම මුල් යුගයේ ආවේ IDE කියන කේබල් එකෙන් Motherboard එකට සම්බන්ද වෙන Molex Power cable එකෙන් විදුලිය ලබා ගන්න කෙනෙක්..
පස්සේ කාලෙකට එනකොට මේ IDE ( Integrated Drive Electronics) කියන ක්‍රමය යල් පැන ගියා..
දැන් තියන අළුත් තාක්ශනය තමයි Serial ATA කියන්නේ..
මෙකේ Power cable එක හදුන්වන්නෙත් Sata Power කියලාම තමයි..

මේ HDDඑක තුල තියනවා Flatter කියලා එකක්. මේක යම් චුම්භක ‍ක්ෂේත්‍ර සහිත මතුපිටකින් තියන එකක්.. මේ Read Write Head එක කරන්නේ තමන්ට ලැබෙන දත්තය මේ චුම්බක ක්ෂේත්‍රය වෙනස් කිරීම මගින් සිදු මතක තබා ගන්නවා..






මේ Flatter එක අපට පෙනුමට පේන්නේ සුමට මතුපිටක් කියලා

ඒත් ඇත්ත කථාව තමයි මේ මතුපිට Nano meter ප්‍රමාණයේ කොටස් බිලියන 100ක පමණ කොටස් ප්‍රමාණයකට බෙදලා තියනවා.. ඒක මත තමයි මේRead Write Head එක චුම්බක ක්ෂ්‍රේත්‍රයන් වෙනස් කරමින් දත්ත ගබඩා කරන්නේ.. 







සාමාන්‍ය අපි පාවිච්චි වන ‍Desktop Computers වල තියෙන HDD වල RPM (Round per Minuit) එක 7200ක් පමණ අගයක් ගන්නවා..  Laptop Computers තියෙන HDD වල RPM එක සාමාන්‍යයෙන්5400ක් විතර තමයි වෙන්නේ.. ඒත් Sever Computers වල තියන HDD තියෙන HDD වල RPM එක සාමාන්‍යයෙන් 10,000ටත් වඩා වැඩී..
* මේ වන විට සාමාන්‍ය භාවිතයේ ඇති පරිගණක සඳහාද වැඩි RPM අගයක් ඇති HDD භාවිතා කරයි.. Lap top සදහාද 7200RPM ඇති HDD අද භාවිතයේ ඇත..


මේ HDD එක භාවිතා වන සෑම විනාඩියකම මේ Platter එක කැරකෙනවා.. ‍මේ Read write head එක එහෙ මෙහෙ යනවා.. ඒ නිසා මේ කොටස් ගෙවී යාමකට ලක් වීම නවත්වන්න බෑ.. නිශ්පාදකයෙකු උනත් කියන්නේ HDD එක අවුරුදු දෙකකට වඩා භාවිතා කරන්න අමාරුයි කියලා තමයි ඔන්න..

ඒ වගේම මෙම ක්‍රමයේදී HDD එක පරණ වෙන්න පරණ වෙන්න පරිගණකයේ වේගය අඩු වෙනවා.. ඒකට හේතුව නිකම් හිතලා බලන්නකෝ.. ;)

මේ තාක්ෂණයෙන් පස්සේ අළුතෙන්ම ආපු තාක්ෂණ ක්‍රමවේදය තමයි SSD(Solid-state drive) කියන්නේ.. මේකේදි වෙන්නේ මෙහෙම දෙයක්.. අ‍පි දන්නවානේ Micro SD Memory card අන්න ඒ වගේ Chip එකතු කරලා තමයි මෙන්න මේ SSD හදලා තියෙන්නේ‍‍.
මොනවා උනත් SSD 1TB විතර හාර්ඩ් එකක් ගහනකොට අපිට සාමාන්‍ය i3 පරිගණකයක් මිලදී ගන්න පුළුවන් 1TB HDD එකක් දාලා.. ඒක එච්චර මිලයි..

මොනා උනත් මේ HDD කියන තාක්ෂණයේදී Data Recover කරන්න පුළුවන්.. හැබැයි ඒ කරන්න පුළුවන් වෙන්නේ Flatter එකට හානියක් වෙලා නැත්තම් විතරයි..

Boot Device Priority පරිගණකය බූට් වන පිළිවෙල

පරිගණකය බූට් වන පිළිවෙල කියලා සිංහලෙන් කීවාට තරහා වෙන්න එපා.. වෙන විදියකට අදහසක් නෑ මට.. :D

අළුතෙන්ම පරිගණකයක් මිලදීගත්තාම ඒ‍කේ OS එකක් නෑ.. (ඉස්සරහාට කියන්නම් මේ OS (Oparating system/ මෙහෙයුම් පද්දතිය) කියන්නේ ‍මොකද්ද කියලා) ඉතින් අපි මෙහෙයුම් පද්දතියක් පරිගණකයට ඇතුල් කරගන්න වෙනවා.. ඒක සිද්ද කරන්නේ අපි හැමෝම දන්න DVD පටයක් භාවිතා කරලා තමයි.. අපි මුලින්ම කරන්න ඕනේ DVD එක ඇතුල් කරන DVD ROM drive එක BIOS වැඩසටහනට ගිහින් Boot device Priority menu එකේ ඉදිරියට ගැනීම

ඊලගට අපි වෙනස් කරපු ඒ Setting එක ‍‍සේව් කරන්න ඕනේ.. හිතන්න දැන් අළුතෙන් එන උකුල් පරිගණක වල DVD rom එකක් නෑ.. එතකොට BOOT කරන්න වෙන්නේ USB Pen drive or External HDD එකක් පාවිච්චි කරලා.. එතකොට ඒ අදාල විදියට මේ BOOT Priority හදාගන්න ඕනේ..

කෙසේ වෙතත් මේ Boot Priority කියන එකෙන් කියැවෙන්නේ පරිගණකය POST වැඩසටහනින් පසු ක්‍රියා කාරීත්වයට අවශ්‍ය මෙහෙයුම් පද්දතියේ තිබෙන තැන සොයා ගැනීමට ඇති පිළිවලයි..

Wednesday, December 14, 2016

cmos වැඩසටහන ගැන යමක්

CMOS කියන්නේ මොකද්ද.?

CMOS Complementary metal–oxide–semiconductor කියන එක.. මේකෙන් වෙන්නේ මූලික වශයෙන් අපි BIOS වැඩසටහනේ දී සිදු කරන වෙනස්කම් මතකයේ රදවා ගැනීම.

මේ සඳහා Cmos බැ‍ටරියක් මවුපුවරුවේ දක්නට තියනවා..
ඉතින් ඔන්න ඔය තියෙන්නේ බැටරිය‍‍..
ඇයි මේ Batary එකක් ඕනේ වෙන්නේ මේ CMOS කියන චිප් එකට.,
ඒකට හේතුව මේ චිප් එක Ram Chip එකක්.. ඒ කියන්නේ යමක් මතකයේ තබා ගැනීමට මේ Chip එකට විදුලිය අත්‍යාවශ්‍ය සාදකයක්.. ඒ නිසා තමයි මේකට බැ‍ටරියක් භාවිතා කරන්නේ.. මේ බැටරියේ ආයු කාලය අවසන් වුනාම තමයි හැමදාම පරිගණකය ක්‍රියාත්මක කරනකොට වෙලාව වැරදිලා තියෙන්නේ..

අපි පරිගණකයක් අළුතෙන් ගත්තාම ඒකේ තියන Bios settings ඒ විදියටම තියාගන්නේ නෑ ඒවා වෙනස් කරනවා..ඒවා Save කරාම Save වෙන්නේ මේ Bios Chip එකේ කියලා මම කීවානේ.. දැන් එනවා මොකක් හරි ප්‍රශ්ණයක් ඔයාට., ඒ ඔයා වෙනස් කරපු දෙයක් නිසා ඔයාගේ පරිගණකය නිවැරදි ආකාරයට ක්‍රියා කරන්නේ නෑ.. දැන් මොකද කරන්නේ..
ඕනේම Mother Board එකක මේකට විසදුමක් දීලා තියනවා.. ඒ cmos jumper එකක් තියනවා මේ Cmos Clear කරන්න..
කොල පාටට පේන්න තියෙන්නේ අන්න ඒ ජම්පර් එක..

දැන් බලමු කොහොමද මේ වැඩේ කරන්නේ කියලා.. ඉස්සල්ලාම Computer එක Shut down කරලා
01. 
පලවෙනි ආකාරයට තියන Jumper එක ගලවලා තුන්වෙනි ආකාරයට පෙනෙන විදියට සම්බන්ද කරන්න.. ඊට පස්සේ පරිගණකය ක්‍රියාත්මක කරන්න.. ඔයාට තිරේ පේන්න ලැබෙයි පරිගණකයේ Cmos Clear උනා ජම්පර් එක තිබ්බ විදියට සකසන්න කියලා.. පරිගණකය Shut down කරලා ආයම තිබ්බ මුල් ආකරයට Jumper එක සකස් කරලා පරිගණකය ක්‍රියාත්මක කරන්න.. එතකොට Default bios settings වලින් පරිගණකය ක්‍රියාත්මක ‍වේවී..








02.
එහෙම හරි ගියේ නැත්තම් මේ විදිය කරලා බලන්න..


පරිගණකය Shutdown කරලා Cmos බැටරිය ගලවලා ඒ බැටරියෙන්ම කොල සහ රතු වර්ණයෙන් තියන අග්‍ර දෙක short serket කරන්න.. තප්පර කිහිපයකින්(10ක් පමණ) Cmos මතකයන් ගිලිහී යයි..

Thursday, November 17, 2016

BIOS වැඩසටහන

මොකද්ද ‍මේ bios කියන්නේ.?  Basic Input Output System

 ඉතින් ඔය තියෙන්නේ Bios Chip එකක්.. එක එක Motherboard නිශ්පාදනය කරන සමාගම් එක එක ඒ අයට ආවේනික විදියට තමයි මේ Chip එක Motherboard එකට ඇතුල් කරන්නේ..

පරිගණකයේ Bios Chip එකට මොකක් හරි උනොත් ආය ඒකෙන් වැඩක් ගන්නනම් Bios Chip එක Replace කරන්නම වෙනවා.. 

මේ Bios වැඩසටහන තමයි Computer එකට Start එක අරන්දෙන්නේ.. හරියට වාහනේ Starter motor එක වගේ.. මේ චිප් එක ඇතුලේ තියෙන්නේ Motherboard එකට අදාල Original විස්තර..Motherboard එකට සම්බන්ධ උපකරන මොනාද., ඒවා නිසි ආකාරව ක්‍රියා කරනවාද., කොහේ හරි තැනක දොශයක් තියනවානම් ඒවා අපට දැනුම් දෙනවා.. ඒ වගේම අපේ පරිගණකයේ මෙහෙයුම් පද්දතියට එයා සම්බන්ද වන උපකරණ මොනවාද කියලා දැනුවත් කිරීමක් ක‍රන්නේ මෙයා.. පරිගණක නෙවෙයි මෙයා TV, Radio, electrical car (Tesla, Nisan leaf), පරිගණක හා සම්බන්ධ හැම උපකරණයකම වගේ.. ඔයාගේ Smart phone එකෙත් මෙයා ඉන්නවා..

මේක අපිට වෙනස් කරන්න බෑ.. ඒත් Motherboard එක අයිති සමාගම අපේ Motherboard එකට Bios Update දෙනවා.. අන්න ඒවා අපිට අපේ Bios Chip එකට දාගන්න පුළුවන්..

ඒ උනාට අපිට මේ Bios වැඩසටහනේ Settings වෙනස් කරන්න වෙනවා.. ඒත් ඒවා save වෙන්නේ වෙනම තැනක.. ඒක තමයි Cmose එක ගැන මම ඊලග පිටුවෙන් කථා කරන්නම්..


Gigabyte කියන සමාගම එයාලාගේ Motherboard එකට ඇතුල් කරලා තියනවා Dual Bios කියන System එක.. ඒකෙන් වෙන්නේ එක Bios cip එකක් තමයි වැඩ කරන්නේ අනිත් එක තියන් ඉන්නේ Standby.. එතකොට තියන Advantage එක තමයි එකක් පිච්චුනාට අනික තියනවා..  මොකද bios chip එකක් replace කරන එක ටිකක් ලොකු වැඩක්.. අළුත් Motherboard එකක් ගන්න එක ලාබ වෙන්න පුළුවන්..




Bios Update කරන කොට අතර මැදදි විදුලි විසන්දි වීමක් උන‍ොත් මොකද වෙන්න‍ේ.. එයාගේ ඇතුලෙ තිබ්බ පරණ වැඩසටහන අයින් කරා.. අළුත් එක ඇතුල් කර ගන්න ගමන් තමයි හිටියේ.. ඒත් ඒක සම්පූර්ණ උනේ නෑ.. ඒ නිසා ආය ඒ Board එක Switch On කරන්න බැරි වෙන්න පුළුවන්..
ඒ නිසා මතක් කරලා හොද තත්වයේ තියන UPS එකකට සම්බන්ධ කරලා තියාගන්න අමතක කරන්න එපා..

මෙහි මතකය Flash Chip එකකට සමාන බැවින් මතකය තබා ගැනීම සඳහා විදුලිය අවශ්‍ය නොවේ..

Wednesday, November 16, 2016

North Bridge/ South Bridge and Express Chip Set

මුලින් මම මේ  Motherboard කියන එක ගැන ටිකක් විතර කථා කලා.. දැන් මම යන්නේ මේ Motherboard එක ගැන තව දේවල් ටිකක් කථා කරන්න..

මම මුලින්ම  Mother Bord (system board) කියන එකේදි මේ  Motherboard එක ගැන මම ටිකක් දේවල් කථා කලා..

ඒ වග‍ේම මම මද්‍ය සැකසුම් ඒකකය (CPU,Processor) කියන කියන කොටසේදී  Motherboard එක සමග Processor එක සම්බන්ද වන ආකාරය ගැනත් කථා කලා..
ඒ වගේම මේMotherboard එකේ ප්‍රධාන electronic උපාංග ගැනත් කථා කලා..

මම අද කථා ක‍රන්නේ ‍Motherboard එකේ තියන තවත් දෙන්නෙක් ගැන.. ඒත් දැන් මේ දෙන්න‍ා එක්කෙනෙක් වෙලා.. ඒක පස්සේ කියන්නම්..
දැන් මම කියන්නේ North Bridge/ South Bridge ගැන




 
මම විස්තර කරනවාට වඩා මේකෙන් ඔයාලාට පැහැදිලි වෙයි කියලා හිතනවා.. 

උඩින්ම CPU කියන තැනට Possessor එක සම්බන්ද වෙනවා.. මම ඒ ගැන කථා කලානේ...
ඔන්න ඊලග හාදයා තමයි North Bridge.. මේකේ පෙන්නලා තියන විදියට Memory Controller Hub කියන කෙනා.. Possessor එක ප්‍රධාන වශයෙන් සම්බන්ද වෙන්නේ මෙන්න මේක එක්ක.. ඒ වගේම මෙයාගේ ප්‍රධාන කාර්යයන් වෙන්නේ පරිගණකය හැසිරවීම Ram., Possessor., Graphic., South Bridge.,  කියන සිවු දෙනා  එකිනෙක සම්බන්ද කි‍රීම..  AGP/PCI (Grapic ගැන කථා කරන කොට මම මේ දෙක ගැන කථා කරන්නම්) හරහා Graphic card එකක් Motherboard එකට සම්බන්ද උනේ නැත්තම්., අපට Graphic Output එකක් නිර්මානය කරල‍ා ‍දෙන්නෙත් මෙන්න ‍මේ North Bridge එක තමයි.. 

ඊලගට South Bridge.. I/O Controller Hub 2 කියලා තියෙන්නේ ඒක..

අනිත් අය කෙසේ වෙතත් මට මෙයා තමයි වැදගත්ම කෙනා.. ඒකට හේතුව තමයි මම කිවුව අය ඇරෙන්න අනිත් හැමෝම Motherboard එක හරහා සම්බන්ද වෙන්නේ මෙයා එක්ක..
ඡායා රූපයට අනුව Hard disk drive., Etharnet., Usb., Flash Bios., PCI., audio හැමදේම සම්බන්ද වෙන්නේ මේ හරහා.. 

දැන් මම කථා කරන්න යන්නේ අද තාක්ෂණය ගැන.. ඒ කියන්නේ Express Chip Set  ගැන‍..

මේකේ බැලූ බැල්මටම පේන වෙනස මොකද්ද.?

North Bridge/ South Bridge කියන දෙක මේකේ පේන්න නෑ නේද.? ඒක තමයි මේ තාක්ෂණයේ උණ ප්‍රධාන වෙනස වන්නේ.. 
Intel i පවුලේ ආරම්භයත් සමග තමයි මේ යුගය ආරම්භ වෙන්නේ..
මෙහිදී ප්‍රධාන වශයෙන්  North Bridge මගින් සිදු කල ප්‍රධාන කාර්යයන් වන Graphics සහ Ram කියන දෙක සෘජුව Possessor එක හා සම්බන්ද වෙනවා..අනෙකුත් උපාංග පෙර පරිදිම Chip Set එක හා සම්බන්ද වෙනවා.. මේ අනුව පරිගණකයේ වේගය වැඩි වීමට ප්‍රධාන හේතුවක් වන්නේ මෙම Express Chip Set කියන මූලධර්මයයි..

Friday, November 4, 2016

මද්‍ය සැකසුම් ඒකකය (CPU,Processor)

පරිගණකයේ සියළුම පරිපාලන කටයුතු, ගණිත කර්ම හා සංස්කරණයන් සිදු කරන්න ස්ථානය මෙයයි. Motherboard එක හා CPU Socket එක මගින් සම්බන්ද වන අතර , මෙය ඩිජිටල් උපකරණයක් වේ.



මෙය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි.. එනම්.,
  1. CU :- Control Unit (පාලන ඒකකය)
  2. ALU :- Arithmetic Logic Unit (ගණිතමය හා තාර්කික ඒකකය)
මෙහි CU මගින් ප්‍රධාන වශයෙන් සිදුවන්නේ පරිගණකයේ පාලන කටයුතු වන අතර ALU මගින් සියලු තාර්කික කටයුතු සිදු කරයි.. මෙය එක් වරකට එක් වැඩක් පමණක් කරන අතර එය සිදු කිරීමට ගන්නා කාලය මිලි තප්පර වලටත් වඩා අඩු බැවින් එය අපට නොදැනේ.. ඉතින් අපට හිතෙන්නේ අපි සිංදුවක් අහමින් තව සින්දුවක් ඩවුන්ලෝර්ඩ් වෙන්න දාලා ගේම් එකක් ගහනවා කියන්නේ ඒ ඔක්කෝම එක පාර වෙනවා කියලානේ.. ඒත් එහෙම නෑ.. මෙයා ඒ හැම එකක්ම පාලනයකින් යුක්තව තමයි සිදු කරන්නේ.. 
 
මම පරිගණක අතීතය ගැන කථා කලානේ.. අද අපි දන්න CPU වර්ග මොනාද.? Intel තමයි දන්න ප්‍රධානම සමාගම නේද.? හරි Intel කියන්නේ ඉස්සර ඉදන් Processor හදපු හොඳ සමාගමක්.. මෙයාට තරග කරන්න දැනට ඉන්න ප්‍රධාන තරගකාරයා තමයි, AMD සමාගම.. දැන් ඔයාලා හිතයි මේක Grapic Card නිශ්පාදනය කරන සමාගමක් කියලා.. ඔවු මෙයාලා පරිගණක Processor හදනවා.. තව තිබ්බ ප්‍රධාන ආයතනයක් තමයි Motorola කියන්නේ.. දැන් නම් මේක නෑ.. තව අපේ පරිගණක වලට අත ගහපු IBM සමාගමත් Processor හැදුව.. අපි පාවිච්චි කරන ගොඩක් ජංගම දුරකථන වල Processor හදන්නේ Qualcomm සමාගමෙන්..

දැන් හදන අය දන්නවා‍නේ.. ඉස්සර Pentium i, ii, iii, iv කිය කියා තිබ්බා මතකද..  ඒ කාලේ එක CPU එකක එක Core එකයි තිබ්බේ.. ඒ කියන්නේ පේන විදියට එක ප්‍රොසෙසර් එකයි..
හරි ඊට පස්සේ ආවා Pentium D කියලා කෙනෙක්.. 
අන්න එයා ඇතුගේ Logical (තාර්කික) Processor දෙකක් තියනවා.. එත‍ක‍ොට එක්කෙනෙක් කරපු වැඩක් කරන්න දෙන්නෙක් ඉන්නවා.. පරිගණකයේ වේගය මොකද වෙන්නේ.. නිකම්ම වැඩි වෙනවා.. Dual core, core 2 duo, quad core, කියලා ඇතුලෙ තියන කෝර් ගාන වෙනස් කලා.. අද වෙනකොට(2016) 32 core cpu දක්වා දියුණු වෙලා තියනවා.. 

ප්‍රධාන වශයෙන් Processor වර්ග දෙකයි.
  1. Land Grid Array (LGA)

හරි මම මෙහෙම කියන්නම්.. මෙ ක්‍රමයේ දී Processor එකේ කියෙන්නේ පොඩි පොඩි ගැටිති වගේ ඒවා.. ඒවා හරියටම සම්බන්ද වෙන්නේ Processor Slot එකේ තියන පින් වලට.. මේ ක්‍රමයේදී Pin තියෙන්නේ Mother Board එකේ.. එහෙම මතක තියාගන්න..
      2.  Pin Grid Array (PGA)
මේ ක්‍රමයේදී Pin තියෙන්නේ Processor එකේ.. මේක තමයි ඉස්සර තිබ්බ විදිය.. දැන් හිතන්න එපා ‍මේ ක්‍රමය නෑ කියලා.. ගොඩ‍ාක් LapTop පරිගණක වල තියෙන්නේ මේ ක්‍රමය.. මොකද ලොකු ගැස්සුමකට උනත් ‍ඔරොත්තු දෙනවානේ..

මම දැන් හදන්නේ වෙනත් පැත්තකට හැරෙන්න.. ඒ තමයි දැන් ‍හැමොටම ඇහෙන්න ලැබෙන්නේ i7 4th Generation, i7 5th, i7 6th, i7 7th Genaraton එකට එනකල් දැන් ඇවිත්.. මේ මොන විදියට ආවත් මේවාගේ සමහර Processor හොද හැටි අවුල් Quad core Processor සමහර i පවුලේ අයට වඩා හොඳයි කියලා Gammers ලා කියනවා.. මේ Genaraton වල තමන්ටම කියලා Processor Slot තියනවා.. ඒවා මම සේරම කියන්න යන්නේ නෑ.. මොකද මමත් ඒ සේරම පාඩමේ තියාගන්නේ නෑනේ.. ඕනේ උනොත් Google අයියාගේන් අහනවා.. හැමදේම අහන්න ඉන්නේ එයානේ..